Saturday, September 12, 2015

- රෝස මල් වගාව -

                                                         - රෝස මල් වගාව-

රොසාසියේ කුලයට අයත් වන රෝස ලොව ජනප්‍රියම මල් වර්ගයක් වන අතර, සුවද දියර, ජෑම් වර්ග, විනාකිරි, වයින් ආදිය නිපදවීම සදහාද රෝස ගෙඩි,මල්
 ආදිය යොදා ගනු ලබයි. ජනප්‍රිය රෝස මල් වර්ග රාශියක් ඇති අතර කැලෑ රෝස හා නව ප්‍රභේද ලෙසට කොටස් 2ට වෙන් කල හැකිය.

01. කැලෑ රෝස :- අතීතයේ සිටම ගෙවතු අලංකරනය සදහා යොදා ගන්නා ලද රෝස කෑලෑ රෝස නමින් හදුන්වනු ලබන අතර ප්‍රධාන ප්‍රභේද කිහිපයක් පහතින් දැක්වේ.

* රෝස රුගෝසා

* රෝස මොස්චාටා
* රෝස ඇල්බා
* ඩෝග් රෝස
* රෝස පැක්ටිච්ටා
* රෝස ආවෙන්සිස්
* රෝස බොර්බෝනියා
* රෝස සෙන්ටිපෝලියා
* රෝස ගැලිකා
* රෝස ඩැමසිනා

02.නව රෝස ප්‍රභේද :-කැලෑ රෝස වර්ග වල වර්ණ කිහිපයක් පමනක් පැවතීම, අවශ්‍ය ආකාරයට රෝස පදුරු හැඩ ගස්වා ගැනීමේ අපහසුතාවය,
 ශීත කාලයේදී මල් පිපීම අවම වීම වැනි කාරනා හේතු
 කොටගෙන නව රෝස ප්‍රභේද බිහි කිරීමට පර්යේෂකයන් යොමු විය. ඒව වර්ග තුනකට වෙන්කොට බෙදා දැක්විය හැකි අතර
* කැලෑ රෝස  - (මුල් රෝස විශේෂ හා දෙමුහුම් ප්‍රභේද)

* පැරණි උද්‍යාන රෝස - ( හයිබ්‍රිඩ් ටී රෝස හදුන්වා දීමට පෙර පැවති දෙමුහුම් ප්‍රභේද )

* නව උද්‍යාන රෝස - ( ප්ලොරිබණ්ඩා, හයිබ්‍රිඩ් ටී , රුගෝසා, මස්ක් )
ලෙසට දැක්විය හැකිය. එසේම ඒවා තව දුරටත්
01 වැල් රෝස- ඇල්බර්ටයින්/ කොඩේසි /මස්කාරෙඩ් / නොසෝම්
02 හයිබ්‍රිඩ් ටී රෝස - ඇප්‍රිකොට් සිලික් / ඊවිනිං ස්ටාර් / ගෝල්ඩන් ටයිම් / ලොලිටා /රෙඩ් ලයන් / රෙඩ් ඩෙවිල් / රෝයල් හයිනස් / පර්පෙක්ටා /
 නැෂනල් ට්‍රස්ට් / ඇලෙක්ස් රෙඩ් / ඇල්පයින් සන්සෙට් / චිකාගෝ පීස් /
 ගෝල්ඩ් ක්‍රවුන් / හෙලන් ට්‍රොබල් / මිස්චීස් / පිකඩලි / මයි චොයිස් / පින්ක් ෂෙවරිට්
03  ප්ලොරිබණ්ඩා රෝස -  ඕල් ගෝල්ඩ් / ඈන් කොකර් / සෙලිබ්‍රේෂන් / ලැවැන්ඩා ලේඩි / සැම්බ්‍රා / ඩියරස්ට් / ලැවැන්ඩා ලැසී / ඕවර්චර් /
ගෝල්ඩන් ජුවෙල් / ඇප්‍රිකොට් නෙක්ටර් / ආර්නෙල් බෙල් / මයි ගර්ල් /
 සී පර්ල් / ක්වීන් එලිසබෙත් / යුරෝපී ආනා / ලිලී මාර්ලින් / එල්සි පොල්සන් / හනිමූන් / ප්ලැටින්කෝ
04 පදුරු රෝස - ඇන්ජලිනා / කැනරි බර්ඩ් / චයිනා ටවුන් / ජෝසප්ස් කෝට් /  මූන් ලයිට් / නවාඩා / බැලරිනා
ලෙසට ප්‍රභේද යටතේද ගොනු කල හැකි වේ.

අවශ්‍ය දේශගුනික සාධක :-
මුහුදු මට්ටමේ සිට උස අඩි 1000- 2000 ත් අතර කදුකර තෙත් කලාපයේ ඉතා සාර්තකව රෝස මල් වගා කල හැකි වේ. දවල් උෂ්ණත්වය
 28C ක් හා රාත්‍රී උෂ්ණත්වය 15Cක් අතර පැවතීම රෝස වගාවට වඩාත් උචිතය. වඩාත් වියලි කාලවලදී පැලයකට මිලිමීටර් 6ක පමන ජල
 ප්‍රමාණයක් ලබාදිය යුතුය.  උෂ්ණත්වය පාලනය කිරීම සදහා විසිරුම් ජල සම්පාදණයක් ඉතා සුදුසුය.  හිරු එලිය අධික වීම මෙන්ම අවම වීමද
 සුදුසු නැත.

වගා මාධ්‍ය :-
මතු පස් කොටස් -01
කොල පොහොර කොටස් -01
හොදින් දිරූ ගොම කොටස් -01
දළ වැලි කොටස් -01

රෝග හා පලිබෝධ හානි
*පිටිපුස් රෝගය
*මලකඩ රෝගය
*යටිපුස් රෝගය
*කලු ලප රෝගය
* කැරපොතු කෘමීන්
*කුඩිත්තන්
*පිටි මකුනා
*කද විදින පනුවා
*දුඹුරු රෝස පනුවා
*කම්ඹිලි පනුවා
*වතු කුරුමිනියා.









Tuesday, September 8, 2015

ඕකිඩ් මල් වගාව

                                                     -ඕකිඩ් වගාව-
ඕකිඩ් උඩවැඩියා නමින්ද හදුන්වන අතර ඔකිඩේසියේ කුලයට අයත් වේ. භෞමික හා අපිශාක ලෙස ලොව පුරා පැතිරී ඇති ඕකිඩ් විවිධ දේශගුණික තත්ව යටතේ වර්ධනය වේ. ගණ 750 කට පමණ බෙදා වෙන් කොට ඇති ඕකිඩ් විශේෂ 19,000 ක් පමණ දැනට හදුනාගෙන ඇත. ඩෙන්ඩ්‍රොබියම්, වැන්ඩා, කැටලියා, ඔන්ඩීසියම්, සිම්බීඩියම්, පැලනොප්සීස් ආර්ථික වශයෙන් වැදගත් වන අතර පහසුවෙන් අප රටේද වගා කල හැකිය.
                                                                                                 
දේශගුණික  තත්වයන්:-
ඕකිඩ් යනු වර්ෂා වනාන්තර වල ස්වාභාවිකව වැවෙන ශාකයක් වන අතර විවිධ දේශගුණික තත්ව යටතේ කෘතීම පරිසරයකදීද වගා කල හැක. උසස් මල් නිශ්පාදනයක් සදහා පහත රට තෙත් කලාපයේ පහසුවෙන් වගා කල හැකි අතර ඇතැම් ඕකිඩ් වර්ග මුහුදු මට්ටමේ සිට අඩි 4000කට වඩා ඉහල ප්‍රදේශ වලද වගා කල හැකිය. ඕකිඩ් වගාව සදහා 70% -75% ක් ආර්ද්‍රතාවයක් හා 55% - 60% ක් අතර සූර්යාලෝකයක් තිබීම වැදගත් වේ.

ප්‍රචාරණය:-
 ඕකිඩ් ලිංගික ප්‍රචාරනයෙන් මෙන්ම අලිංගික ප්‍රචාරනයෙන්ද සිදු කල හැකි අතර අලිංගික ප්‍රචාරණය පහසු හා ඉක්මන්ය.

වර්ධක ප්‍රචාරණය:-

වර්ධක ප්‍රචාරණය ප්‍රධාන වශයෙන්,
*බෙදීම මගින්
* ව්‍යාජ බල්බ මගින්
*වායව අංකුර මගින්
*අග්‍රස්ථ  අංකුර මගින්
සිදු කරනු ලබයි.

01.බෙදීම මගින්:-මෙහිදී හොදින් වැඩුණ ඕකිඩ් පැලෑටියක් ව්‍යාජ බල්බ 3-4 කොටස් වලට වෙන්කොට සි‍ටුවනු ලබයි. කැට්ලියා, ඩෙන්ඩ්‍රෝබියම් මෙලෙස පහසුවෙන් බෝ කර ගත හැකි වර්ග වේ

02.බල්බ මගින්:- හොදින් වැඩුනු ශාක වල ව්‍යාජ බල්බ වෙන්කර සි‍ටුවීම මෙහිදී සිදු කරනු ලබන අතර පලමුව තෙත් කර ගත් වැලි මාධ්‍යක සි‍ටුවා ගත යුතුය. ඉන් සති 6 කට පමණ පමණ පසු ඒවායින් ඇති වන අංකුර ව්‍යාජ බල්බ කොටස්ද සමගම වෙනම මාධ්‍යක සි‍ටුවා ගත යුතුය.


03. වායව අංකුර මගින්:-ව්‍යාජ බල්බ වලට ඉහලින් හට ගන්නා අංකුර හොදින් වර්ධනය වූ පසු බල්බ කොටසක්ද සමගම කපා සි‍ටු වීම මෙමගින් සිදු කෙරේ.  කැපූ කෙලවරට දිලීර නාශකයක ගිල්වා මාධ්‍යක රෝපනය කල යුතුය. ඩෙන්ඩ්‍රෝබියම් වර්ග පහසුවෙන් මෙලෙස වගා කර ගත හැකිය.

04.අග්‍රස්ථ කැබලි මගින්:- අඩියක් පමණ දිගු කැබලි මේ ආකාරයට සි‍ටුවනු ලබන අතර සුදුසු දිලීර නාශකයක් යොදා ගත යුතුය.

කුඩා පැල සදහා




අගුරු කොටස් -1
උළු කැට කොටස් -1
ලී කැබලි කොටස් -1
පොල් ලෙලි කැබලි කොටස් -1

යන මාධ්‍ය සුදුසු වේ. වර්ධන කාලයේදී හා මල් පිපෙන කාලයේදී සුදුසු N.P.K.  පොහොරක් යෙදිය යුතුය.
ඕකිඩ් වගාවට බහුලවම වැලදෙන රෝග අතර,
*දිය මලන් කෑම
*කහ පුල්ලි රෝගය
*ඇන්ත්‍රැක්නෝස්
*පත්‍ර හා අග්‍රස්ථ කුනු වීම
*පත්‍ර විචිත්‍ර රෝගය
ප්‍රධාන වේ. එසේම පලිබෝධ හානිද ඇති වන අතර ඒ සදහා
*කද පනුවන්
*මයිටාවන්
*ගොලුබෙල්ලන්/හම්බෙල්ලන්
*කුඩිත්තන්
*කැරපොත්තන් මූලික වේ.
පැලෑටියට වී ඇති හානිය හොදින් පරික්ෂා කර ඊට හේතුව සොයා දැනුමැති අයෙකුගේ උපදෙස් මත අවශ්‍ය ප්‍රතිකාර කල යුතුය.